මිනිසා ම්ලේච්ජත්වයේ සිට ශිෂ්ටාචාරය දක්වා එන්නේ වහල් ක්‍රමය, වැඩවසම් ක්‍රමය , ධනවාදී ක්‍රමය ආදියෙන් විකාශය වෙලා තමයි .ඉතින් ඒ කලේ ඔව්න් කරපු විශාල අරගල සහ පරිවර්තන ගොඩක් ගැන කතා කරන්න පුළුවන් . පහළොස්වන සියවසේදී ධනවාදය ආරම්භ වෙලා අධිරාජ්‍යවාදය කරා ව්‍යාප්ත වෙනවා .ඉතින් ඒ කාලේ මේ අදිරාජ්යවාධී රටවල් වල යුද්ධයක් හට ගන්නවා .එකේදී හට ගන්න ලොකුම යුද්ධය තමයි පළමු ලෝක යුද්ධය .ඔන්න ඔය කාලේ තමයි රුසියානු විප්ලවය ඇති වෙන්නේ . 1917 රුසියානු ඉතිහාසයේ වගේම ලෝක ඉතිහාසයේත් හැරවුම් ලක්ෂයක් .මේ ඔක්ටෝම්බර් විප්ලවය ,
*1905-07 දක්වා රුසියානු කම්කරු පන්තියට සීමා වූ අරගලය.
*1917 කම්කරු පන්තිය සුළු ධනේශ්වර කණ්ඩායම එක්ව දියත් කල විප්ලවය (ධනේශ්වර ප්රජාතන්ත්රවාදී විප්ලවය ).
1917 කම්කරු පන්තිය , සුළු ධනේශ්වර පන්තියේ ජනතාව එක්වෙලා විප්ලවයක් කළා .1917 පෙබරවාරියේ බෝල්ෂෙවික් පක්ෂය මෙහෙයවීමෙන් දෙලක්ෂයකට අධික කම්කරුවන්ගේ සහභාගිත්වයෙන් පෙට්‍රොගාඩ් නගරයේ පෙළපාලියක් සංවිධානය කළා . '' සාර් එකාධිපතිත්වය සහ යුද්ධය හෙළාදකිමු . '' අපට පාන් දියව්'' යන ඉල්ලීම ජනතාව එකතු වෙලා ඉදිරිපත් කළා. බෝල්ෂෙවික් පක්ෂය සාර්වාදී පාලනය පෙරළා දමන ලෙසත් තාවකාලික ආණ්ඩුවක් බිහි කරන ලෙසත් යුද්ධය නවතා දමන ලෙසත් ඉල්ලා සිටියා .
යුධ හමුදාව සාර් පාලනයට විරුද්ධව කම්කරුවන් සමග එක් වුණා. සියවස් ගණනාවක් ජනතාව පීඩනයට පත්කළ සාර් රාජාණ්ඩු පාලනය පෙරළා දමන්න පුළුවන් වුණා. රුසියානු ධනේශ්වර කම්කරු විප්ලවය ජයගත්තා. ඉතින් ඊට පස්සේ කම්කරුවන්ගේ , ගොවීන්ගේ , හමුදා නියෝජිතයන්ගේ සෝවියට් සභාව බිහිවුණා .
1917 පෙබරවාරි මාසයේ පෙත්රෝග්රාඩයේ (පීටර්බර්ග් ) කම්කරුවෝ කැරලි ගැහුවා .ඔව්න්ට ආරක්ෂක භටයන් එක් වුණා . මෙහි මෙහෙයවීම කළේ බෝල්ෂෙවික් පක්ෂය .ඔව්න්ගේ සටන් පාට ජනතාව අතර ආශ්වාදයක් ගෙන දුන්නා. කම්කරු ප්‍රහාර ඉදිරියේ සාර් ඒකාධිපති පාලනය බිද වැටුණා .
1917 අප්‍රේල් 04 ලෙනින් බෝල්ෂෙවික් වරුන්ගේ රැස්වීමකදී නිර්ධන පන්තියේ කාර්යය ගැන ඔහුගේ පොත ඉදිරිපත් කළා. ඒක තමයි '' අප්‍රේල් නිබන්ධය'' . එකේදී ධනේශ්වර පන්තියට බලය දෙන්නා වූ ධනේශ්වර ප්රජාතන්ත්රවාදී විප්ලවයේ සිට කම්කරු පන්තියට හා දුප්පත් ගොවීන්ට බලය ලබා දෙන්නා වූ සමාජවාදී විප්ලවයට සංක්රාන්ත වීමේ සැලැස්ම ඉදිරිපත් කළා .එකේදී ගොඩනගපු න්‍යායන් මගින් ඔක්තෝම්බර් විප්ලවය ජයගන්නට හැකියාව ලැබුණා. තාවකාලික ධනපති ආණ්ඩුවට සහයෝගය නොදී සියලු බලතල සෝවියට් සභාවට ඉල්ලුවොත් ජාතියට සාමය ,ගොවීන්ට ඉඩම් ,සාගින්නෙන් පෙලෙන අයට පාන් ලබාගන්න පුළුවන් කියල පෙන්නලා දුන්නා.එයින් මනෝලික විෂය මූලික කොන්දේසි සම්පූර්ණ වෙලා රුසියාවේ ඔක්තෝම්බර් විප්ලවය ජය ගන්න මූලික අඩිතාලම වැටුණා.

Samagiya balaya we....
ReplyDeleteIt's good for knowledge
ReplyDeletethank you..
ReplyDeleteGreat socialist article....
ReplyDelete