''දියවැඩියාවට ඉන්සියුලින් එන්නත ගන්න අයගේ කයත් මනසත් ශක්තිමත් .''
'
''දියවැඩියා බෙහෙත් වලින් වකුගඩු වලට හානියක් නෑ.''
දියවැඩියා රෝගය කියන්නේ නිට්ටාවට සුවකළ නොහැකි රෝගයක් .ඒ හින්දම දියවැඩිය රෝගීන් තමන්ගේ රෝග තත්ත්වය පාලනය කරගෙන තම ජීවිතය පවත්වාගෙන යන්න ඕනේ .ඒ වගේම මේ රෝගය නැති කට්ටිය ඉන්නවනේ එයාල රෝගයට ගොදුරු නොවී ඉන්න වග බල ගන්න ඕනේ.
දැන් අපි බලමු දියවැඩිය රෝගීන්ට එයාලගේ රෝගය පාලනය කර ගන්න මොනවද කරන්න පුළුවන් කියල.
*දියවැඩිය රෝගීන් තමන්ගේ දිනපතා ආහාර වේල ගැන වැඩි සැලකිල්ලක් දක්වන්ඩ ඕනේ.ඒ කියන්නේ සීනි අධික කැරලි අධික ආහාර ආහාර වේලෙන් අඩු කරලා ඒ වෙනුවට එළවලු පළා වර්ග වැඩිපුර ආහාරයට ගන්න ඕනේ.
*දිනපතා ප්‍රධාන ආහාර වේල් තුන නිවැරදිව ගන්න ඕනේ .
*ආහාර පාලනය වගේම දිනපතා සුදුසු ව්‍යායාම වල යෙදෙන්න ඕනේ.
*වෛද්‍ය වරයාගේ නියමිත මාත්‍රාව අනුව දීල තියෙන ඖෂධ ඒ විදියටම ගන්න ඕනේ.
දැන් අපි බලමු දියවැඩියා රෝගයේ ඖෂධ ගැන තියෙන මිත්‍යා මත මොනවද කියලා
- දියවැඩියාවට දෙන ඖෂධ වකුගඩු වලට බලපෑම් එල්ල කරනවා කියන එක.
- දීර්ඝ කාලයක් එකම ඖෂධයක් භාවිත කිරීම ශරීරයට අහිතකරයි යන මතය.
- දියවැඩියාව තියෙන රෝගීන්ට ඉන්සියුලින් නිර්දේශ කරන්නේ ඉතාම අසාද්‍ය අවස්ථාවේ ඉන්නකොට කියන එක.
දැන් අපි බලමු දියවැඩියාවෙන් වෙන ඉන්ද්‍රීය බලපෑම මොකක්ද කියලා
දියවදියාව අපගේ ශරීරයේ සියලුම අවයව වලට බලපෑම් ඇති කරනවා. විශේෂයෙන්ම හෘදය වස්තුව , රුධිර වාහිනී, ස්නායු පද්ධතිය , ඇස්, වකුගඩු ,කන් වල වගේම පාද වල සංකූලතා ඇති වීමට දියවැඩිය රෝගය බලපානවා.
හෘදයට ඇති කරන බලපෑම
- වැඩි පිරිසක් මිය යන්නේ හෘදය වස්තුව සම්බන්ධ සංකූලතා නිසා.
- සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා මේ යට හෘදයභාධ ඇති වීම තුන් ගුණයකින් වැඩයි .
- අඩු වයස් මට්ටමින් හෘදයභාධ ඇති වෙනවා.
- අධි රුධිර පීඩනය ඇති කරනවා,
ස්නායු පද්ධතියට ඇති කරන බලපෑම
- අඝාත රෝගය ඇති කරනවා.( දෙවැනි ප්‍රධාන මරණීය තත්ත්වය ).
- ඇස් වල ආභාධ ඇති කරනවා.
- අත් වල ආභාධ ඇති කරනවා ( හිරි වැටීම් වැනි).
- පාද වල වේදනා (රාත්‍රියට අධිකයි ).
ඉන්සුයුලින් ලබා ගන්න ආකාර දෙකකි.
1.දිනකට දෙවරක් කෑමට පෙර ලබා ගැනීම.
2.ආහාර වෙලා සමග ඉන්සුයුලින් ලබා ගැනීම.
- ඉන්සියුලින් ලබා ගත යුත්තේ කෑම ගැනීමට විනාඩි 20-30 අතර කාලයකට පෙර .
- ඉන්සියුලින් වැරදි ලෙස ගැනීමෙන් අතුරු ආභාධ ඇති වෙනවා .එවැනි ආභාධයක් තමයි Hypoglycaemia කියන්නේ.
- ඉන්සියුලින් නියමිත මාත්‍රාවට වඩා ගන්න හොද නෑ.
- නියමිත මාත්‍රාව ගත්තත් නියමිත ආහාර වෙලා නිසි පරිදි ගන්න ඕනේ.
- ව්‍යායාමත් නියමිත ප්‍රමාණයට වැඩියෙන් කරන්න හොද නෑ.
- ඒ වගේම ව්‍යායාම නියමිත වෙලාවට කරන්න ඕනේ.
- ඉන්සියුලින් විදින කටුව තියන්ඩ ඕනේ ශීතකරණයේ දොරේ.
විශේෂයෙන්ම දියවැඩිය රෝගීන් මේ ටිකත් මතක තිය ගන්න ඕනේ.
දියවැඩියාවට ඉන්සියුලින් ලබා ගන්න රෝගියෙකුට තද බඩගින්නක් දැනෙනවනන් දහදිය දානවනන් හෘද ස්පන්දනය වැඩියි කියල දැනෙනවනන් කලන්තය කරකැවිල්ල ගතියක් දැනෙනවනන් තමන්ගේ ශරීරයේ සීනි ප්‍රමාණය අඩුවෙනවා කියල හදුනා ගෙන සීනි සහිත පානයක් හෝ ආහාරයක් වහාම අරගන්න ඕනේ.
Insiyulin bavithaya gena gdk dewal denagaththa
ReplyDeleteThis is very important...
ReplyDeleteit's very important & very useful..
ReplyDeletethank you.
DeleteVery useful article...... thank you.....
ReplyDelete