Thursday, January 11, 2018

ගරු මර්සලින් ජයකොඩි පියතුමා

                                                           
1902 ජූනි මස 03 වන දින ගොඩැල්ලේ දන්කොටුවේ දලි ජෝශප් ජයකොඩි වූ සිංහල වෙද මහතාට සහ උපතින්ම බෞද්ධ කාන්තාවක් වූ ජොසපින් සේනාරත්න මහත්මියට දාව ගරු මර්සලින් ජයකොඩි පියතුමන් උපත ලැබුවා . එතුමාව පස්සේ කලේදීන් ''පන්සලේ පියතුමා'' කියලත් හදුන්වනු ලැබුවා .එතුමා වියත් සාහිත්‍යදරයෙක්. සම්මානනීය කවියෙක් .බොහෝ විදේශීය සම්මාන එතුමන් විසින් දිනාගෙන තියෙනවා .මවගේත් පියාගේත් දෙන්නගෙම ආගම් වලට ගරු කිරීමත් එම ආරයන්ට හුරු වීමත් එතුමාගේ සුවිශේෂී ගතිගුණයක් වුණා.
                      එතුමා තමන්ගේ මූලික අධ්‍යාපනය හැදෑරුවේ මාදම්පේ රෝමානු කතෝලික පිරිමි විද්‍යාලයෙන් .ඊට පස්සේ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයෙනුත් ඉගෙනගත්තා . එතනින් බොරැල්ල ශාන්ත ඇලෝසියස් දේවස්ථානයට ගියා .එතුමා කාදිනල් තෝමස් කුරේ පියතුමාගේ සමකාලීනයෙක් .1927 දෙසැම්බර් 02 කතෝලික පියනමක් විදියට පැවදි දිවියට ඇතුලත් වුණා .එතුමා මීගමුව , දූව, කදාන ,පයාගල ,කළුතර වගේ වසම් වලත් යාපනේ ශාන්ත පැට්‍රික් විද්‍යාලයේත් සේවය කළා .එතුමා කලාවටත් යොමු වුණා .එතුමා පරිසරය ඉතාමත් සංවේදී කෙනෙක් .ඒ නිසා පරිසරය ගැන පහත තියෙනවා වගේ ගීත රචනා කරලා තියෙනවා .
                   ''ඕළු නෙලුම් නෙරිය රාගාළා    -  කිකිණි හදට වලා නගාලා 
                    ගගුල් තොටිල්ලේ මල් ඇතිරිල්ලේ -මගේ කුඩා ඔරුව හබල් ගා..... ''
                                                                 1934 ටයිම්ස් පුවත්පතටත් අදහස් දක්වළා තියෙනවා .එතුමා ඥානාර්ථ ප්‍රදීපයේ කතෘ වරයා ලෙසින්ද කටයුතු කරලා තියෙනවා .ඉන්දියාවේ ශාන්ති නිකේතනයෙන් පෙරදිග සංගීතය හදාරලා තියෙනවා .ශාන්ත පීතර විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙසිනුත් කටයුතු කරලා තියෙනවා .
                                                     එතුමා කතෝලික වුනත් බුද්ධාගමටත් ගරු කළා . බුද්ධාගම ගැන නොයෙක් කවි ලියල තියෙනවා .
                               '' ඇස යන යන තැන වෙහෙරක්                පෙනීයන්  
                                 වෙහෙරක් නැති තැනක වෙහෙරක්        තැනීයන්
                                 ඉන් වන පණිවිඩය නුවණට                       දැනීයන් 
                                  දුටු දුටු විටදී සිත් තුළ සිල්                          දැනීයන් ''

                                  ''පන්සලට පෙර පරපුර අකුරු                       ගියේ 
                                   සිව්රෙන් අපේ රට රැකුණා අඳුරු                 පැයේ
                                   අප හෙළ ගතිය රැකුනේ පන්සලෙන්           පිනේ
                                   අද වෙන තුරුත් සිව්රේ පඬු ගතිය             තියේ''

                                              එතුමා ආගමික සහජීවනය ඇති කරන්න තවත් කවි ලියල තියෙනවා .
                                  '' පන්සීය වසක් අප ආපසු යන                       දාට 
                                   හෙළදිව පෙනේ කොත් රැලිවල සුදු              පාට 
                                   එවකට   අපේ මුත්තණු සඳ ඇති                   රෑට 
                                   මාලනී මල් නෙලාගෙන යති බුදු                  ගේට''
                                                       මේ කවි වලින් එතුමා බුදු දහමට දැක වූ අප්ප්‍රතිහත ගෞරවය පේනවා . එය එතුමා සතු වූ උදාර ගුණයක් .
                                                    මෙතුමා කිතු නන්දන ගෞරව නාමයෙන් මැග්සයිසායි සම්මානයෙන්, ජනාධිපති සම්මානයෙන් පිදුම් ලබල තියෙනවා .එතුමා සමස්ත ලංකා කවි සමේලනයේ සභාපති විදියටත් කටුයුතු කරලා තියෙනවා .1956 දී ඔබ්සවර් පුවත්පත මගින් පාටක ඡන්දයෙන් චිත්‍රපට හැකියාවන් ගැන ජනප්‍රිය පුද්ගලයා බවට පත් වුණා. 1998 ස්වර්ගස්ථ වුණ එතුමා කලා භවනේ තමයි තැම්පත් කළේ. එතුමාට දක්වපු උසස්ම ගෞරවයක් විදියට තමයි එහෙම කළේ.ඒ විදියට කලා භවනේ තැම්පත් කළ පළමු පියතුමා  වන්නේත් එතුමා.
                                                            ඉතින් අපි හැමෝම එතුමාගේ ජීවිතයෙන් ගන්න ඕනේ ආදර්ශය තමයි තමන් මොන ආගමක් දහමක් ඇදහුවත් අනෙත් අයගේ ඇදහීම් වලටත් ඒ විදිහටම ගෞරව කරන්න ඕනේ කියන එක . ඒ වගේම එහෙම ගෞරව කරන අයටත් අපිත්  ගෞරව කරන  එක තමයි ගොඩක් වටින්නේ .

4 comments:

  1. හිතන් හිටියාට වඩා හොඳ බෞද්ධාගමට ගරු කල වටිනා මිනිසෙක්...

    ReplyDelete