Monday, January 22, 2018

ජලභීතික රෝගය

                                                         
ජලභීතිකාව මාරාන්තික රෝගයක්.. මෙම රෝගය සතුන් මගින් හැදෙන රෝගයක්. තැන තැන කුණු දාන එකෙන් බල්ලන් ගෙවසෙන එක බෝවෙන එක වැඩි වෙනවා.ඒක හින්ද මේ රෝගය ඉක්මනින් පැතිරෙනවා.තව පූසන්ගෙන්, කැලෑ සතුන්ගෙන් එහෙමත් බෝවෙනවා.ඉතින් අපි මේ දරුණු රෝගයෙන් ආරක්ෂා වෙන්ඩ මොනවද කරන්ඩ ඕනේ කියල බලමු.

  • ඇති කරන්ඩ පැටව් ගන්නකොට එන්නත් කරපු ගෑනු සතෙක්ගෙන් තමයි පැටව් ගන්ඩ ඕනේ.
  • දන් නැති තැනකින් පැටව් අරන් ආවොත් එන්නත් කරලා මාසයක් වත් වෙන්කරලා තියන්ඩ ඕනේ.
  • පළමු එන්නත සති 4-6 ඇතුලතත් දෙවන එන්නත් සතින් 12-14 ඇතුලතත් ඊට පස්සේ හැම අවුරුද්දකට පාරක්මත් එන්නත ලබා දෙන්ඩ ඕනේ.
  • සතා කාගේ හරි කෑවොත් (බල්ලා) වෛද්‍ය වරයට පෙන්නන්න එන්නත් වාර්තාව පරිස්සන් කරලා තියා ගන්ඩ ඕනේ.


බල්ලෙක් පූසෙක් හරි කැලෑ සතෙක් කෑවොත් ....
  • ඒ කාපු තැන සබන් ගාලා ගලා යන ජලයෙන් විනාඩි දහයක් හෝදන්න ඕනේ.
  • විෂබීජ නාශක තියෙනවනන් ඒවගෙන් හොදන්ඩ පුළුවන්.
  • ළගම තියෙන රජයේ රෝහලට ගිහිල්ල වෛද්‍ය උපදෙස් ගන්න ඕනේ.
  • ඒ යනකොට සතාට එන්නත් කරපු කාඩ් එකත් මතක් කරලා අරන් යන්න ඕනේ.
  • ඊට පස්සේ වෛද්‍ය වරයා නියම කරන එන්නත් නියමිත දිනට ලබා ගන්න ඕනේ.
  • සතාව නිරීක්ෂණය කරන්ඩ කිවොත් එකත් විමසිලිමත්ව කරන්ඩ ඕනේ.
  • හදිසියෙවත් සතාගේ වෙනසක් වෙලා මැරුනොත් ඉක්මනට ඒ බව වෛද්‍ය වරයට කියල උපදෙස් ගන්ඩ ඕනේ.
හපන එක වලක්වා ගන්ඩ...
  • සතුන් මග හැර යාම.
  • කොහෙහරි යනකොට සතුන් ගැන විමසිලිමත් වීම (බල්ලන් ගැන ).
  • ගෙවල් වල බල්ලෝ ඉන්නවා නං ''බල්ලන්ගෙන් ප්‍රවේසම් වන්න ''කියල බෝඩ් එකක්  ගහල තියන්න.
  • හපන බල්ලෝ ඉන්නවනං කටකලියාවක් දාන්න.
  • සතුන් ඉදිරියේ දිවීම , උසුළු විසුළු කිරීම, අතපය වැනීම නොකරන්න.
  • සතුන් ආහාර ගන්න තැන් වලට පැටව් රකින තැන් වලට නොයන්න.
  • ඇදුරන් නැති සතුන් අතපත ගාන එක හුරතල් කරන එක නතර කරන්න.
දැන් අපි බලමු අපිට තියන සමාජ වගකීම මොකක්ද කියල...
  • අනවශ්‍ය පැටව් පාසල් රෝහල් පන්සල් වගේ තැන වල දාලා යන එක නතර කරන්න.
  • ගැහැණු සතුන්ට එන්නත් ලබා දී අනවශ්‍ය පැටව් බෝවෙන එක නතර කරන්න. 
ඉතින් මෙන්න මේ විදියට වැඩ කලොත් අපිට දරුණු ජලභීතික රෝගය වලක්වා ගන්ඩ පුළුවන්.

Thursday, January 11, 2018

දියවැඩියා රෝගය සහ ඉන්සියුලින් භාවිතය

                ''සිරුරේ නිපදවන හෝමෝන පිටින් ගන්න බයවෙන්න එපා .''

                ''දියවැඩියාවට ඉන්සියුලින් එන්නත ගන්න අයගේ කයත් මනසත් ශක්තිමත් .''
'
                ''දියවැඩියා බෙහෙත් වලින් වකුගඩු වලට හානියක් නෑ.''



දියවැඩියා රෝගය කියන්නේ නිට්ටාවට සුවකළ නොහැකි රෝගයක් .ඒ හින්දම දියවැඩිය රෝගීන් තමන්ගේ රෝග තත්ත්වය පාලනය කරගෙන තම ජීවිතය පවත්වාගෙන යන්න ඕනේ .ඒ වගේම මේ රෝගය නැති කට්ටිය ඉන්නවනේ එයාල රෝගයට ගොදුරු නොවී ඉන්න වග බල ගන්න ඕනේ.


දැන් අපි බලමු දියවැඩිය රෝගීන්ට එයාලගේ රෝගය පාලනය කර ගන්න මොනවද කරන්න පුළුවන් කියල.    

  *දියවැඩිය රෝගීන් තමන්ගේ දිනපතා ආහාර වේල ගැන වැඩි සැලකිල්ලක් දක්වන්ඩ            ඕනේ.ඒ කියන්නේ සීනි අධික කැරලි අධික ආහාර  ආහාර වේලෙන් අඩු කරලා ඒ                වෙනුවට එළවලු පළා වර්ග වැඩිපුර ආහාරයට ගන්න ඕනේ.


 *දිනපතා ප්‍රධාන ආහාර වේල් තුන                    නිවැරදිව ගන්න ඕනේ .

*ආහාර පාලනය වගේම දිනපතා සුදුසු           ව්‍යායාම වල යෙදෙන්න ඕනේ.

*වෛද්‍ය වරයාගේ නියමිත මාත්‍රාව අනුව   දීල තියෙන ඖෂධ ඒ විදියටම ගන්න ඕනේ.

දැන් අපි බලමු දියවැඩියා රෝගයේ ඖෂධ ගැන තියෙන මිත්‍යා මත මොනවද කියලා



  • දියවැඩියාවට දෙන ඖෂධ වකුගඩු වලට බලපෑම් එල්ල කරනවා කියන එක.
  • දීර්ඝ කාලයක් එකම ඖෂධයක් භාවිත කිරීම ශරීරයට අහිතකරයි යන මතය.
  • දියවැඩියාව තියෙන රෝගීන්ට ඉන්සියුලින් නිර්දේශ කරන්නේ ඉතාම අසාද්‍ය අවස්ථාවේ ඉන්නකොට කියන එක.
දැන් අපි බලමු දියවැඩියාවෙන් වෙන ඉන්ද්‍රීය බලපෑම මොකක්ද කියලා
                                                                       
 දියවදියාව අපගේ ශරීරයේ සියලුම අවයව වලට බලපෑම් ඇති කරනවා. විශේෂයෙන්ම හෘදය  වස්තුව , රුධිර වාහිනී, ස්නායු පද්ධතිය , ඇස්, වකුගඩු ,කන් වල වගේම පාද වල සංකූලතා ඇති වීමට දියවැඩිය රෝගය බලපානවා. 

හෘදයට ඇති කරන බලපෑම  
  • වැඩි පිරිසක් මිය යන්නේ හෘදය වස්තුව සම්බන්ධ සංකූලතා නිසා.
  • සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා මේ යට හෘදයභාධ ඇති වීම තුන් ගුණයකින් වැඩයි .
  • අඩු වයස් මට්ටමින් හෘදයභාධ ඇති වෙනවා.
  • අධි රුධිර පීඩනය ඇති කරනවා,



ස්නායු පද්ධතියට ඇති කරන බලපෑම   

  • අඝාත රෝගය ඇති කරනවා.( දෙවැනි ප්‍රධාන මරණීය තත්ත්වය ).
  • ඇස් වල ආභාධ ඇති කරනවා.  
  • අත් වල ආභාධ ඇති කරනවා ( හිරි වැටීම් වැනි).
  • පාද වල වේදනා (රාත්‍රියට අධිකයි ).  
                                                       ඉන්සියුලින් ලබා ගැනීම


    ඉන්සුයුලින් ලබා ගන්න ආකාර දෙකකි.

                    1.දිනකට දෙවරක් කෑමට පෙර ලබා ගැනීම.
                    2.ආහාර වෙලා සමග ඉන්සුයුලින්  ලබා ගැනීම.

  • ඉන්සියුලින් ලබා ගත යුත්තේ කෑම ගැනීමට විනාඩි 20-30 අතර කාලයකට පෙර .
  •  ඉන්සියුලින් වැරදි ලෙස ගැනීමෙන් අතුරු ආභාධ ඇති වෙනවා .එවැනි ආභාධයක් තමයි  Hypoglycaemia කියන්නේ.
  • ඉන්සියුලින් නියමිත මාත්‍රාවට වඩා ගන්න හොද නෑ.
  • නියමිත මාත්‍රාව ගත්තත් නියමිත ආහාර වෙලා නිසි පරිදි ගන්න ඕනේ.
  • ව්‍යායාමත් නියමිත ප්‍රමාණයට වැඩියෙන් කරන්න හොද නෑ.
  • ඒ වගේම ව්‍යායාම නියමිත වෙලාවට කරන්න ඕනේ.
  • ඉන්සියුලින් විදින කටුව තියන්ඩ ඕනේ ශීතකරණයේ දොරේ.

                                                     විශේෂයෙන්ම දියවැඩිය රෝගීන් මේ ටිකත් මතක තිය ගන්න ඕනේ.

දියවැඩියාවට ඉන්සියුලින් ලබා ගන්න රෝගියෙකුට තද බඩගින්නක් දැනෙනවනන් දහදිය දානවනන් හෘද ස්පන්දනය වැඩියි කියල දැනෙනවනන් කලන්තය කරකැවිල්ල ගතියක් දැනෙනවනන් තමන්ගේ ශරීරයේ සීනි ප්‍රමාණය අඩුවෙනවා කියල හදුනා ගෙන සීනි සහිත පානයක් හෝ ආහාරයක් වහාම අරගන්න ඕනේ.                      

ගරු මර්සලින් ජයකොඩි පියතුමා

                                                           
1902 ජූනි මස 03 වන දින ගොඩැල්ලේ දන්කොටුවේ දලි ජෝශප් ජයකොඩි වූ සිංහල වෙද මහතාට සහ උපතින්ම බෞද්ධ කාන්තාවක් වූ ජොසපින් සේනාරත්න මහත්මියට දාව ගරු මර්සලින් ජයකොඩි පියතුමන් උපත ලැබුවා . එතුමාව පස්සේ කලේදීන් ''පන්සලේ පියතුමා'' කියලත් හදුන්වනු ලැබුවා .එතුමා වියත් සාහිත්‍යදරයෙක්. සම්මානනීය කවියෙක් .බොහෝ විදේශීය සම්මාන එතුමන් විසින් දිනාගෙන තියෙනවා .මවගේත් පියාගේත් දෙන්නගෙම ආගම් වලට ගරු කිරීමත් එම ආරයන්ට හුරු වීමත් එතුමාගේ සුවිශේෂී ගතිගුණයක් වුණා.
                      එතුමා තමන්ගේ මූලික අධ්‍යාපනය හැදෑරුවේ මාදම්පේ රෝමානු කතෝලික පිරිමි විද්‍යාලයෙන් .ඊට පස්සේ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයෙනුත් ඉගෙනගත්තා . එතනින් බොරැල්ල ශාන්ත ඇලෝසියස් දේවස්ථානයට ගියා .එතුමා කාදිනල් තෝමස් කුරේ පියතුමාගේ සමකාලීනයෙක් .1927 දෙසැම්බර් 02 කතෝලික පියනමක් විදියට පැවදි දිවියට ඇතුලත් වුණා .එතුමා මීගමුව , දූව, කදාන ,පයාගල ,කළුතර වගේ වසම් වලත් යාපනේ ශාන්ත පැට්‍රික් විද්‍යාලයේත් සේවය කළා .එතුමා කලාවටත් යොමු වුණා .එතුමා පරිසරය ඉතාමත් සංවේදී කෙනෙක් .ඒ නිසා පරිසරය ගැන පහත තියෙනවා වගේ ගීත රචනා කරලා තියෙනවා .
                   ''ඕළු නෙලුම් නෙරිය රාගාළා    -  කිකිණි හදට වලා නගාලා 
                    ගගුල් තොටිල්ලේ මල් ඇතිරිල්ලේ -මගේ කුඩා ඔරුව හබල් ගා..... ''
                                                                 1934 ටයිම්ස් පුවත්පතටත් අදහස් දක්වළා තියෙනවා .එතුමා ඥානාර්ථ ප්‍රදීපයේ කතෘ වරයා ලෙසින්ද කටයුතු කරලා තියෙනවා .ඉන්දියාවේ ශාන්ති නිකේතනයෙන් පෙරදිග සංගීතය හදාරලා තියෙනවා .ශාන්ත පීතර විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙසිනුත් කටයුතු කරලා තියෙනවා .
                                                     එතුමා කතෝලික වුනත් බුද්ධාගමටත් ගරු කළා . බුද්ධාගම ගැන නොයෙක් කවි ලියල තියෙනවා .
                               '' ඇස යන යන තැන වෙහෙරක්                පෙනීයන්  
                                 වෙහෙරක් නැති තැනක වෙහෙරක්        තැනීයන්
                                 ඉන් වන පණිවිඩය නුවණට                       දැනීයන් 
                                  දුටු දුටු විටදී සිත් තුළ සිල්                          දැනීයන් ''

                                  ''පන්සලට පෙර පරපුර අකුරු                       ගියේ 
                                   සිව්රෙන් අපේ රට රැකුණා අඳුරු                 පැයේ
                                   අප හෙළ ගතිය රැකුනේ පන්සලෙන්           පිනේ
                                   අද වෙන තුරුත් සිව්රේ පඬු ගතිය             තියේ''

                                              එතුමා ආගමික සහජීවනය ඇති කරන්න තවත් කවි ලියල තියෙනවා .
                                  '' පන්සීය වසක් අප ආපසු යන                       දාට 
                                   හෙළදිව පෙනේ කොත් රැලිවල සුදු              පාට 
                                   එවකට   අපේ මුත්තණු සඳ ඇති                   රෑට 
                                   මාලනී මල් නෙලාගෙන යති බුදු                  ගේට''
                                                       මේ කවි වලින් එතුමා බුදු දහමට දැක වූ අප්ප්‍රතිහත ගෞරවය පේනවා . එය එතුමා සතු වූ උදාර ගුණයක් .
                                                    මෙතුමා කිතු නන්දන ගෞරව නාමයෙන් මැග්සයිසායි සම්මානයෙන්, ජනාධිපති සම්මානයෙන් පිදුම් ලබල තියෙනවා .එතුමා සමස්ත ලංකා කවි සමේලනයේ සභාපති විදියටත් කටුයුතු කරලා තියෙනවා .1956 දී ඔබ්සවර් පුවත්පත මගින් පාටක ඡන්දයෙන් චිත්‍රපට හැකියාවන් ගැන ජනප්‍රිය පුද්ගලයා බවට පත් වුණා. 1998 ස්වර්ගස්ථ වුණ එතුමා කලා භවනේ තමයි තැම්පත් කළේ. එතුමාට දක්වපු උසස්ම ගෞරවයක් විදියට තමයි එහෙම කළේ.ඒ විදියට කලා භවනේ තැම්පත් කළ පළමු පියතුමා  වන්නේත් එතුමා.
                                                            ඉතින් අපි හැමෝම එතුමාගේ ජීවිතයෙන් ගන්න ඕනේ ආදර්ශය තමයි තමන් මොන ආගමක් දහමක් ඇදහුවත් අනෙත් අයගේ ඇදහීම් වලටත් ඒ විදිහටම ගෞරව කරන්න ඕනේ කියන එක . ඒ වගේම එහෙම ගෞරව කරන අයටත් අපිත්  ගෞරව කරන  එක තමයි ගොඩක් වටින්නේ .

Sunday, January 7, 2018

ඔක්තෝම්බර් විප්ලවයේ ඓතිහාසික පසුබිම

                                                                   
මිනිසා ම්ලේච්ජත්වයේ සිට ශිෂ්ටාචාරය දක්වා  එන්නේ වහල් ක්‍රමය, වැඩවසම් ක්‍රමය , ධනවාදී ක්‍රමය ආදියෙන් විකාශය වෙලා තමයි .ඉතින් ඒ කලේ ඔව්න් කරපු විශාල අරගල සහ පරිවර්තන ගොඩක් ගැන කතා කරන්න පුළුවන් . පහළොස්වන සියවසේදී ධනවාදය ආරම්භ  වෙලා අධිරාජ්‍යවාදය කරා  ව්‍යාප්ත වෙනවා .ඉතින් ඒ කාලේ මේ අදිරාජ්‍යවාධී  රටවල් වල  යුද්ධයක් හට ගන්නවා .එකේදී හට ගන්න ලොකුම යුද්ධය තමයි පළමු ලෝක යුද්ධය .ඔන්න ඔය කාලේ තමයි රුසියානු විප්ලවය ඇති වෙන්නේ . 1917 රුසියානු ඉතිහාසයේ වගේම ලෝක ඉතිහාසයේත් හැරවුම් ලක්ෂයක් .මේ ඔක්ටෝම්බර් විප්ලවය ,
                                   *1905-07 දක්වා රුසියානු කම්කරු පන්තියට සීමා වූ අරගලය. 
                                  *1917 කම්කරු පන්තිය සුළු ධනේශ්වර කණ්ඩායම එක්ව දියත්                                                     කල විප්ලවය (ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ).
     
1917 කම්කරු පන්තිය , සුළු ධනේශ්වර පන්තියේ  ජනතාව එක්වෙලා විප්ලවයක් කළා .1917 පෙබරවාරියේ බෝල්ෂෙවික් පක්ෂය මෙහෙයවීමෙන් දෙලක්ෂයකට අධික කම්කරුවන්ගේ සහභාගිත්වයෙන් පෙට්‍රොගාඩ් නගරයේ පෙළපාලියක් සංවිධානය කළා . '' සාර් එකාධිපතිත්වය සහ යුද්ධය හෙළාදකිමු . '' අපට පාන් දියව්'' යන ඉල්ලීම ජනතාව එකතු වෙලා ඉදිරිපත් කළා.  බෝල්ෂෙවික් පක්ෂය සාර්වාදී පාලනය පෙරළා දමන ලෙසත් තාවකාලික ආණ්ඩුවක් බිහි කරන ලෙසත් යුද්ධය නවතා දමන ලෙසත් ඉල්ලා සිටියා .
                                                                යුධ හමුදාව සාර් පාලනයට විරුද්ධව කම්කරුවන් සමග එක් වුණා. සියවස් ගණනාවක් ජනතාව පීඩනයට පත්කළ සාර් රාජාණ්ඩු පාලනය පෙරළා දමන්න පුළුවන් වුණා. රුසියානු ධනේශ්වර කම්කරු විප්ලවය ජයගත්තා. ඉතින් ඊට පස්සේ කම්කරුවන්ගේ , ගොවීන්ගේ , හමුදා නියෝජිතයන්ගේ  සෝවියට් සභාව බිහිවුණා .
                                                                   1917 පෙබරවාරි මාසයේ පෙත්රෝග්‍රාඩයේ (පීටර්බර්ග් ) කම්කරුවෝ කැරලි ගැහුවා .ඔව්න්ට ආරක්ෂක භටයන් එක් වුණා .  මෙහි මෙහෙයවීම කළේ බෝල්ෂෙවික් පක්ෂය .ඔව්න්ගේ සටන් පාට ජනතාව අතර ආශ්වාදයක්  ගෙන දුන්නා. කම්කරු ප්‍රහාර ඉදිරියේ සාර් ඒකාධිපති පාලනය බිද වැටුණා .                                                                 
 1917 අප්‍රේල් 04 ලෙනින් බෝල්ෂෙවික් වරුන්ගේ රැස්වීමකදී නිර්ධන පන්තියේ කාර්යය ගැන ඔහුගේ පොත ඉදිරිපත් කළා. ඒක තමයි '' අප්‍රේල් නිබන්ධය'' . එකේදී ධනේශ්වර පන්තියට බලය දෙන්නා වූ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී  විප්ලවයේ සිට  කම්කරු පන්තියට හා දුප්පත් ගොවීන්ට බලය ලබා දෙන්නා වූ සමාජවාදී විප්ලවයට සංක්‍රාන්ත වීමේ සැලැස්ම ඉදිරිපත් කළා .එකේදී ගොඩනගපු න්‍යායන් මගින් ඔක්තෝම්බර් විප්ලවය ජයගන්නට හැකියාව ලැබුණා. තාවකාලික ධනපති ආණ්ඩුවට සහයෝගය නොදී සියලු බලතල සෝවියට් සභාවට  ඉල්ලුවොත් ජාතියට සාමය ,ගොවීන්ට ඉඩම් ,සාගින්නෙන් පෙලෙන අයට පාන්  ලබාගන්න පුළුවන් කියල පෙන්නලා දුන්නා.එයින් මනෝලික විෂය මූලික කොන්දේසි සම්පූර්ණ වෙලා රුසියාවේ ඔක්තෝම්බර් විප්ලවය ජය ගන්න මූලික අඩිතාලම වැටුණා.

Saturday, January 6, 2018

පරිසර දූෂණය

                             අප අවට ලෝකය පරිසරය ලෙසින් සරලව හදුන්වා දෙන්න පුළුවන්  . ග්‍රීක භාෂාවෙන්  පරිසරය  හදුන්වන්නේ  දසුන කියල  . ඒකේ  තේරුම   තමා ජීවත් වන වටපිටාව කියන එක  . එහිදී අන්තර් සබදතාවක් පෙන්නුම් කරනවා . ඒ වගේම  පැවැත්ම කෙරෙහි බලපාන භෞතික රසායනික හා ජෛවීය සාදකයන් එහි ඇතුලත් වෙනවා .පරිසරයට මිනිසා සංවේදී වන තරමට පරිසරය මිනිසාට සංවේදී  වෙනවා  .පරිසරය මගින් මිනිසාට අමිල සේවයක් ලබා දෙනවා  . එහි ප්‍රධාන කොටස් දෙකක්  තියෙනවා .

                                          01. ජීව සහයක සේවා ( ජලය , වාතය ,හිරු එලිය )
                                          02.ආර්ථික සහායක සේවා .
                                                             මිනිසා විසින් සිදුකරනු ලබන අහිතකර ක්‍රියාවන් නිසාවෙන් පරිසරයට හානි සිදුවෙනවා  .ඒ කියන්නේ  පරිසරයේ වෙසෙන ජීවීන්ට හා පුද්ගලයනට හානි දායක ප්‍රමාන වලින් හා හානිදායක වියහැකි කාල පරාසයක් තුල ද්වරය හා ශක්තිය පරිසරයට නිදහස් කිරීම . උදාහරණයක් ලෙස මෙමගින් පරිසර ජීවීන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය පවා බිද වෙටෙනවා  . ඒ වගේම  පරිසරයට අහිතකර විවිධ ශබ්ද නිසා මිනිසාගේ 
මානසික ඒකාග්‍රතාවය බිද වැටී මානසික රෝගියකු බවට පත්  වෙනවා  .

                         මේ විදයට පරිසරය  දූෂණය වන ප්‍රධාන ආකාරයන් දෙකක් හදුනා ගන්න  පුළුවන්  .
                             01. පරිසරයේ වෙනස්කම් මිනිස් ජීවිතයේ ගුණාත්මක තත්වයට අහිතකර ලෙස බලපෑම.
                           02. සතුන් ශාක කර්මාන්ත සංස්කෘතික සෞන්දර්යාත්මක වස්තු ආදියට සිදු වන බලපෑම .
     මේ ආකාරයට සිදුවන පරිසර දූෂණ වර්ග කිහිපයක් හදුනා ගන්න  පුළුවන් .




                                        01. කාර්මික දූෂණය
                                        02. වායු දූෂණය
                                        03.ශබ්ද දූෂණය
                                        04.න්‍යෂ්ටික දූෂණය
                                        06.ජල දූෂණය
                                        07.වෙරල දූෂණය
                                        08.ආහාර දූෂණය
                                        09.විෂ දූෂණය


මේ  විදහටසිදුවන  පාරිසරික දූෂණය මගින් සිදුවන හානිය අවම කරන්න  පරිසර දූෂණය පාලනය කිරීමේ විවිද ක්‍රමෝපාය පහත විදිහට  හදුනාගෙන තිබෙනවා  . 
                                      *අප ජලය සදහා අයකිරීම්
                                      *පිරිසිදු නිෂ්පාදන ප්‍රවර්දනය සහ අපද්‍රව්‍ය බැහැර කිරීමේ                                                 තාක්ෂණික ක්‍රම .
                                      *ජාතික හරිත සම්මාන සංකල්පය .
                                                            ශ්‍රී ලංකාවේද මද්‍යම පරිසර අධිකාරිය  දැයක් ලෙසින් මෙම ක්‍රම භාවිතයට ගැනීමෙන් ශ්‍රී ලංකාව තුල පරිසර දූෂණය අවම කිරීම අරමුණු කොටගෙන තිබෙනවා  .
                                                            බොහෝවිට කර්මාන්තශාලා වලින් සිදුවන පරිසර දූෂණය අවම කර ගැනීම සදහා ක්‍රියාත්මක සම්මාන වැඩපිළිවෙල පහත කරුණු මත ක්‍රියාත්මක වෙනවා  .
               01.ශ්‍රී ලංකාව තුල දියුණු පරිසර හිතකාමී ක්‍රමවේදයක් අනුගමනය කරන කර්මාන්ත ආයතන සදහා රාජ්‍ය සම්මාන පපිළිගැන්වීම.
                       02.ජාතික ප්‍රමිතීන් හා රෙගුලාසි වලට අනුකූල ස්වයන් පාලිත පරිසර දූෂණ පාලන සහ පරිසර කළමනාකරණ පද්ධතියක් අනුගමනය කිරීම මගින් සුරක්ෂිත පරිසරයක් පවත්වා ගැනීම උදෙසා කටයුතු කිරීම.
                     03.වැඩ භූමිය තුල හරිතවත් පිරිසිදු පරිසරයක් පවත්වා ගැනීම සදහා කාර්ය මණ්ඩලය තුල ඇති කිරීම.
           04. පරිසරයේ ගුණාත්මක භාවය වර්ධනය කිරීම සදහා වන නව තාක්ෂණික ක්‍රමවේද සංවර්ධනය කිරීම සහ භාවිතයට ගැනීම .
                                                     මේ විදිහට  ශ්‍රී ලංකා මධ්‍යම පරිසර අධිකාරිය පරිසර දූෂණය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ගයන් ප්‍රශංසනීය වෙනවා වගේම  රටක් ජාතියක් විදිහට  එයට සහයෝගය දෙමින් ශ්‍රී ලංකා මාතාව රැක ගැනීමට වගකිව යුතු පුරවැසියෙක් ලෙස අපද කටයුතු කිරීමට තරයේ සිතට ගන්න ඕනේ  .